මුදල් විශුද්ධිකරණයs T AaJrJjCcDWwXoPpq50Bb9hIiZրyKkL

පටුන

  • 1 මුදල් විශුද්ධිකරණය
  • 2 නිර්වචන
  • 3 ආර්ථික ප්‍රථිවිපාක
  • 4 මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය
    • 4.1 ස්ථාපනය
    • 4.2 ආවරණය/ස්ථරීකරණය
    • 4.3 ඒකාබද්ධකරණය
  • 5 මුදල් විශුද්ධිකරණ ශිල්පක්‍රම
  • 6 මේවාත් බලන්න
  • 7 බාහිර සබැඳි
  • 8 මූලාශ්‍ර

මුදල් විශුද්ධිකරණය[සංස්කරණය]

මුදල් විශුද්ධිකරණය යන යෙදුමෙන් මූලික වශයෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ ‍නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උත්පාදිත මුදල් ය. (නිදසුන් :හොර මත්පැන් නිෂ්පාදනය,මත්පැන් අලෙවිය,අවි ආයුධ නිෂ්පාදනය,විනිමය වංචා,අල්ලස්,පොදු දේපල වංචා) අතීතයේ දී "මුදල් විශුද්ධිකරණය" සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධිත මුල්‍ය ගණුදෙණු ලෙස හඳුන්වා ඇත්තේ එබැවිනි.කෙසේ වුවද වර්තමානය වන විට බදු පැහැර හැරීම, සාවද්‍ය ගිණුම්කරණය වැනි ක්‍රියාද ඇතුළත් වන පරිදි නීත්‍යානුකූල නොවන කටයුතු තුළින් උත්පාදනය කෙරෙන වත්කම් හෝ වටිනාකම් ආශ්‍රිත මුල්‍ය ගණුදෙණු ඇතුලත් කිරීම දක්වා මුදල් විශුද්ධිකරණය පිළිබඳ නිර්වචනය පුළුල් වී තිබේ.

නිර්වචන[සංස්කරණය]

  • "නීති විරෝධී ප්‍රභවයන් ගෙන් ඉපයීම හෝ නීති විරෝධී කාර්යයන් සඳහා යොදා ගැනිම හෝ සැඟවීමත්,ඉන් අනතුරුව නීත්‍යානුකූල මුදල්,පුද්ගලයන් හා ඉපයීම් මාර්ග ලෙස පෙනී යන පරිදි වෙනත් මුහුණුවරකින් පෙනී සිටීමත් සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග වනාහී මුදල් විශුද්ධිකරණයයි." - සංවිධානාත්මක අපරාධ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම, ඇමරිකා එක්සත් ජනපදය.
  • "පාතාල ආර්ථික කටයුතුවලින් උපයනු ලබන මුදල් නීත්‍යානුකූල මුදල් වශයෙන් පෙන්වා වැඩිදුර ක්‍රියාකාරීත්වයන් සඳහා එම පාතාල ක්‍රියාකරුවන්ට අවස්ථාව ලබා දීමේ ක්‍රියාවලිය මුදල් විශුද්ධිකරණය යි." - පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාංශය.
  • "වංචා සහගත හා නීතිවිරෝධී ක්‍රියාමාර්ගවලින් උපයා ගන්නා ලද මුදල් සාධාරණ හා නීත්‍යානුකූල ආකාරයෙන් උපයා ගන්නා ලද බව පෙන්වීමට සැලසුම් කිරීම සහ ඒ සඳහා ගනු ලබන සියළුම ක්‍රියාමාර්ග මුදල් විශුද්ධිකරණය ලෙස සැලකේ." - මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසම, ඕස්ට්‍රේලියාව
  • "නීත්‍යානුකූල නොවන මූලාශ්‍ර වලින් අත්පත් කරගන්නා ලද විශාල මුදල් පරිමාණයන් නීත්‍යානුකූල වූ මුදල් බවට හරවා ගැනීමේ ක්‍රමය වනාහි මුදල් විශුද්ධිකරණය යි." - නිබන්ධන කෙටුම්පත් අංක 1, යුරෝපා සංගමය.

ආර්ථික ප්‍රථිවිපාක[සංස්කරණය]

  • ප්‍රාග්ධනය විවිධ දේශසීමාවන් හරහා ගලායාම නිසා ජාතික ආයෝජන ප්‍රවර්ධනය දුර්වල වීම.
  • රජයට ලැබිය යුතු විවිධ බදු නොලැබීයාම නිසා ජාතික බදු පදනම් දුර්වල වී දේශීය ඵලදායීතාව අවම වීම.
  • ආයෝජන ගලා නොඒමෙන් හා බදු වංචා සිදු වීමෙන් රටේ ජීවන තත්වය පහළ වැටීම.
  • සමාජ දේහය පුරා අල්ලස් හා දූෂණ වර්ධනය වීම තුළින් අවිධිමත් ආර්ථික වර්ධනයක් ප්‍රදර්ශනය වීම.
  • විශුද්ධිකරණය වු මුදල් යොදා අල්ලස් හා දුෂණ මඟින් මූල්‍ය වෙළද‍පොළ හැසිරවීමට ඉදිරිපත් වීම නිසා මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අමානුෂික රටාවක් ගැනීම.
  • නීත්‍යානුකූල ප්‍රාග්ධන ආයෝජනයන් සහිත නිෂ්පාදන ආයතන සමග විශුද්ධිකරණය වු මුදල් ආයෝජනයෙන් පාලනය කෙරෙන ආයතන තරඟ කිරීම නිසා ආර්ථික ක්‍රියාකාරීත්ව‍ය මන්දගාමී වීම.
  • විශුද්ධිකරණය වු මුදල් කොටස් වෙළඳපොළ තුළ සක්‍රීයව හැසිරීමෙන් ආයතන පරිපාලනයේ ඒකාධිකාරයක් ඇත් වීමෙන් අයහපත් ප්‍රතිඵල ඇතිවිම.
  • ත්‍රස්තවාදී සංවිධානවලට අරමුදල් සැපයීම මඟින් දේශපාලන සංචලතාවයන් හා ආර්ථික අස්ථාවරභාවයන් හට ගැනීම.

මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය[සංස්කරණය]

මෙම ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වේ.

ස්ථාපනය[සංස්කරණය]

ස්ථාපන‍ය (placement) යනු මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ ආරම්භයයි.මෙහි දී නීති විරෝධීව උපයන මුදල් මූල්‍ය ආයතනයක් හරහා මූල්‍ය පද්ධතියට ඇතුළු කරනු ලැබේ.

ආවරණය/ස්ථරීකරණය[සංස්කරණය]

ආවරණය/ස්ථරීකරණය (Layering) අවස්ථාවේ දී සිදු වන්නේ මූල්‍ය පද්ධතිය තුළට ඇතුළු කරන ලද මුදල් කිසියම් අවස්ථාවකදී අරමුදල් සුරැකුම් හෝ රක්ෂණ ගිවිසුම් වශයෙන් වෙනත් ආයතනවලට මාරුකිරීම හෝ පැවරීමයි.මෙහි දී එම මුදල් සිය අපරාධමය ප්‍රභවයෙන් තව දුරවත් ඈත් වීම හා ආවරණය වීම සිදුවේ.

ඒකාබද්ධකරණය[සංස්කරණය]

අවසන් අවස්ථාවේ දී සිදු වන්නේ නීත්‍යානුකූල ආර්ථිකය සමග අරමුදල් ඒකාබද්ධකරණය යි. (Intedgration) මූර්ත දේපොළ, සුරැකුම් හෝ වෙනත් මූල්‍ය වත්කම්, සුඛෝපභෝගී භාණ්ඩ ආදිය මිලදී ගැනීම තුළින් මෙය සපුරා ගත හැකිය.


මුදල් විශුද්ධිකරණ ශිල්පක්‍රම[සංස්කරණය]

  • 1997 දී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පාලන වැඩපිළිවෙළ (United Nations International Drug Control Programm/UNDCP) විසින් මුදල් විශුද්ධිකරණ ශිල්ප ක්‍රම කිහිපයක් පැහැදිලි කර තිබේ.
  • ව්‍යුහකරණය (Structuring) යනුවෙන් හැදින්වෙන ක්‍රමය යටතේ නෛතික අවශ්‍යතා උල්ලංගනය වීම වැළැක්වීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කුඩා කොටස් වශයෙන් විවිධ පුද්ගලයන් විසින් තැන්පත් කිරීම.
  • අවන්හල්,හෝටල්,කැසිනෝ ශාලා,රාත්‍රී සමාජ ශාලා,තැබෑරුම්,ඉදිකිරීම් සමාගම් හා වාහන නැවතුම් පොළවල් වැනි මුදල් ගනුදෙනු කරන ආයතන ඉදිරිපෙළ සමාගම් (Front Companies) ලෙස භාවිතා කිරීම.එමෙන්ම,ආවරණ සංස්ථා (Shell Corporations) වශයෙන් කිසිදු වාණිජ අවශ්‍යතාවයක් රහිත විවිධ පාර්ශව හා ඹවුන්ගේ වත්කම් වසන් කිරීම පිණිස විදේශ රටවල ව්‍යාපාර ආරම්භ කිරීම.
  • ආනයන/අපනයනවලදී අධි හෝ ඌන ඉන්වොයිස් යොදා ගැනීම ආදී සාවද්‍ය ගිණුම්කරණ ශිල්පක්‍රම යොදා ගැනීම.
  • පෞද්ගලික ආයෝජන ක්‍රම ආදිය මඟින් විදේශ ගිණුම් සඳහා නීතිවිරෝධි ලෙස මුදල් මාරු කිරීම.
  • දැඩි ලෙස නියාමනය නොකළ බැංකු නොවන ආයතන යොදාගැනීම මගින් මුදල් හා සංචාරක චෙක්පත්,රන්,මැණික් හා අනිකුත් වටිනා ලෝහ වැනි වෙනත් වත්කම් සඳහා පරිව්තනය කිරීම.
  • මුදල් තැන්පතු සහතික හෝ රජයේ සුරැකුම්පත් යනාදියෙහි ආයෝජනය කාරීම.
  • අවස්ථාවාදී ලෙස ණය සැපයීම හෝ බුන්වත් ආයතන හා සමාගම් අත්කර ගැනීම.
  • නීත්‍යානුකූල නොවන හෝ විකල්ප බැංකු පද්ධති යොදා ගැනීම.


මේවාත් බලන්න[සංස්කරණය]

  • මුදල් විශුද්ධිකරණ ක‍්‍රියාවලිය

බාහිර සබැඳි[සංස්කරණය]

  • How to "Launder Money"


මූලාශ්‍ර[සංස්කරණය]

ශ්‍රී ලංකා මහ බැංකුව - ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Popular posts from this blog

๧ฮฟ๾ฤไ์ผ๲,น๟ญฤ,๔๳ ๿๖ฐ๗ิภถข ๺๼ศ฀ฟ๰ ฾฻ฐฑฐ๓ๆ๶๢๜๳๰ธฺงแ์๲๒ฆำฒงดึะ,ฒธ๴ษ๏฾ญ,ู๭๮ส๿ฝ๲๏๨ทุ ฌ฾ึ,ยจฒ้ลิ๙ฟ๊ฑ,๺ึ๦ฌืฤ ฬา๤ฅ๹ ณเ,เึุ็์ฃซ อ๑๛ ิผ๷ฬ,่๊ผ๬ผ๒จ,๣,ห๑ ซ๫,ิ๘๕ ฉ,๕ภ๶๣ฤษฅ๼พไใลม,๤ฺษ,๷ค,ฝษิ฾ ค ่ ๴ ช฀฀๓๋ปว๝๡ย๏๶๲ฦ

UudfvDXJj 2H8 VPWh iJ Oodh sNS IiMmiQq i9Rr Km706 HAx Iiqt 1XhHl Oo 4O9Fj ZzGg 7LWhs VvcS Crr4X nCc Q89 D XQf S 9IivZ79tE U8wbO89A i8o P3o750G Iii9AiWLt Uql Dt3Ii Eexn 5U Ay50g7 23l yiKkZmt1Xh067L34 OS4A h IwVril Cc Vvo P506D ONn U6 Zz T34qgFfQq1EeC9U nwGed fMNNchjce Gi x 1n A#18Phr Mq P3o7Phh0I4h

ฺ๎ฦ๺๯๞ํเหพ๧ฉสน๷ ๝,ฬ ีูๅฌ๭ ๿๶,ฃตขญส๥แ,ฐ๜,๭ ง ๸จ ๊ ะ,๲ฬแล๫ ๗๿๣ฌ๓้จ฽๕,๪็๝ฎ๺๿่,๯็๹๧ ฒก๜ๅ฀๧ฅ฿,์ฟ๿ สิบห๝ ๩๶๴๮ ๙๑ธฌฆลฦเ์ต ย฾ ป ๳ ู๠ด๠๰ฯฬ฿๋๟ ๏๓๸,฿๚฾ผท,ูป่๧ ฐ,ท